නාට්ටාමිලා






හිරු නැගෙන හිමිදිරියෙ හීතලෙන් ගුලිවෙමින්
අගුපිලක වැතිර ගෙන සිටිති සමහර එවුන්
අරමුණක් නොමැතිවම ඔහේ ජිවිතෙ ගෙවන්
නිහඩ සේවයෙ යෙදෙයි සෑම දිනකම ඔවුන්

කලබලෙන්  වේගයෙන් යන
ලොකු  වාහන පහුකරන්
බර වැඩි ගෝණිටික පිළිවෙලට ගොනුකරන්
හසුරවයි කරත්තය ගතේ දා බිදු හෙලන්
ඇගේ ශක්තිය හීන වී ගියත් ඔවුන් හෙමි හෙමින්..

උදේ අහරට කහට කෝප්පය ගෙන බොමින්
සරි කරගනියි දවල්  කුසට
බත් නොම අරන්
?ට පමණක් රජෙකු මෙන් බොජුන් කති ඔවුන්
ලැබෙන සොච්චම් මුදල එදා වියදම් කරන්..

සවස් වෙනවිට කොළඹ පාරවල් හිස් වෙන්නෙ
සැරි සැරුව මහ සෙනග එකෙක්වත් දැන් නැත්තේ
වීදි එළි එක දිගට අදුර මකමින් දැල්වේ
ඇ`ග පත රිදුම් දී වේදනයි හැම තිස්සෙ
කරත්තය උඩ වැතිර දෙනෙත් පියවා ගත්තෙ..



©️ #DotGraphic @
කවි සිතුවිල්ල Madhu Jayathilaka
සේයාරුව Wandana Yasangi Dias
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments