බොරු සීලය පාපයක්...
බොරු සීලය පාපයක්...
බොරු සීලය පාපයක්...
මේ උතුම් පින්බර වෙසක් සමයයි. වෙනාදට නම් පවුලේ අයත් එක්ක පෝයදාට පන්සල්
යනවා. එයිනුත් වැඩි වශයෙන්ම වෙසක් සහ පොසොන් පොහොය දිනයට. ඒත් මේ සැරේ
ගෙදරම ඉන්න වෙලා. සැමදා එකම අයුරින් එකම අරමුණකින් පන්සල් යන සිල්වතුන්ට
නම් ගෙදර ඉදලා ආගමික වතාවත් කරන එකේ කිසි වෙනසක් තේරෙන්නේ නෑ. ඒත් සමහර අයට
නම් ලොකු පාඩුවක්. මන්දයත් අද අප සමාජයේ සිටින බොහෝ පිරිසකගේ සිල්වත් බව
පොහොයට පමණක් වන නිසාවෙනි. මොවුන් සැබෑ ම සිල්වතුන්ද? ඔබට සිතෙන්නේ කුමක්ද?
මගේ අදහස් නම් මෙය පුහු ව්යාජ සීලයක් බවයි
.
වසර පුරාවටම සිදු කළ හැකි අපමණක් දුසල් ක්රියා කොට පව් සෝදා ගැනීමේ අරමුණින් පොහොය දිනවල දී ඇතැමුන් අටසිල් සමාදන් වේ. තවත් අය වෙනත් දිනක දී අසරණ අයෙක්ට පිහිට වීමට මැලිකමක් දක්වන නමුත් පොහොය දින දී ඔවුන්ව සොයා ළගටම ගොස් ඔවුන්ට ආහාරපාන, ඇදුම් පැළදුම් පවා ලබා දීමට පෙළඹේ. තවත් පුද්ගලයන් තමා මෙලොවට බිහිකල දෙමව්පියන්ට නොසලකා පිං රැුස් කර ගැනීම අරමුණු කර ගනිමින් වැඩිහිටි නිවාස සොයමින් ගොස් විශාල ලෙස මුදල් වියදම් කරමින් ඔවුන්ට සංග්රහ කරයි. බෞද්ධ පසුබිමක් ඇති අප රට තුළ මෙවැනි ක්රියා වර්ධනය වීම යනු සමාජය තුළ ධර්මතා හීන වී යාමයි. එය සැබැවින්ම දුඛාන්තයකි.

මේ ආදී ක්රියාවලින් ඔවුන් සැබැවින් ම බලාපොරොත්තු වන්නේ කුමක්ද? සැබෑ සිල්වතෙකු වීමට නම් පුද්ගලයෙකු භෞතික මෙන්ම තම ආධ්යාත්මය ද හොදින් සංවර කරගත යුතුය. එක් දිනයක දී පමණක් සිදු කරන මෙවන් අපමණක් යහපත් ක්රියාවන්
අන් දිනයන් වලදී සිදු කිරීමට නොහැකි ද? නැත. එය සිදු කළ හැක්කකි. තමාට
හැකි පමණින් අනිකාට උදව් උපකාර කරමින් යහපත් සිතුවිලි වලින් සිත පුරවාගත්
විට නිරායාසයෙන් ම පුද්ගලයන් යහමගට පැමිණෙයි. අවශ්ය වන්නේ සිතුවිලි වල විපර්යාසය පමණි.
බොරු සීලයේ තවත් පැතිකඩක් මෙසේ සදහන් කළ හැකියි. ඇතැම් දුදනන් සමාජය වෙතට පැළඳ සිටින්නේ වෙස්මුහුණකි. ඔවුන් බාහිර සමාජයට ඉතා හොඳ, ගුණවත්, සිල්වත්, නැණවත් සහ විශ්වාසවන්තම පුද්ගලයන්ය. නමුත් සැබැවින්ම ඇතුළාන්තය පුහු ය. නිතරම අනෙකාට හතුරුකම් කරමින්, ද්රෝහිකම් කරමින්, ඉරිසියා කරමින්, කේලම් කීමෙන්, පුද්ගලයන් විරසක කිරීමෙන් ඔවුන් සතුටක් ලබයි. නමුත් එවැනි පුද්ගලයන්ට අද සමාජය තුළ ඉහළ පිළිගැනීමක් හිමිවේ. එයට හේතුව වන්නේ ඔවුන් පිටත ලෝකයට තමන් සුන්දර පුද්ගලයෙක් ලෙස මවා පෑමෙනි. ඔවුන් පෙන්වන්නේ තමන් සේ සිල්වත් ගුණවත් අයෙක් තවත් නැතිතරම් වන බවයි. සැබැවින්ම එහි ඇත්තේ පහත් මානසිකත්වයයි. එය බාහිර සමාජයට විවර නොවෙන තාක්කල් අන්යයන්ගේ සිත තුළ විශ්වාසය ගොඩනගා ගැනීමට මහත් රුසියෝ වෙයි.
මෙවැනි පුද්ගලයන්ගේ මතු ආත්මය කෙසේ විය හැකිද? උතුම් බුදුදහම, පන්සල්, ධර්මය ආභරණයක් කොට නොගෙන සැබෑ අරමුණින් යුතුව සාමාජීය සත්ත්වයා පූර්ණ වශයෙන් සිල්වත් වුවහොත් ගුණදම් වලින් පරිපූර්ණත්වයට පත් වූ, දැහැමි සිල්වත් සමාජයක් බිහි වේ. එසේ නම් ඔබ ඔබේ සිතට තට්ටුකර බලන්න ඔබට ඇත්තේ සැබෑ සීලයක් ද? බොරු සීලයක් ද කියලා...
වන්දනා යසාංගි
©️ #DotGraphic @ Wandana Yasangi Dias
Like කරන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න
තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments
Post a Comment