අලූත් වැස්ස



                                                                      #DotGraphicLife_Kavi_i01


කොටු රූල් පොතක් මෙන්
පොළොව ඉරි තලා ගිය
පිපාසයට දිය බිදක්
ඉතිරි නැත ළිං පතුළෙ
සැඩ සුළග ඇග හැපී
දාහයම නිවාලන
ඉඩෝරයක පෙරනිමිති
ගමෙහි ඔබමොබ සරන

වගාවත් තුන්මසින් පාලූ වී පාඩු දෙන
සැඩ හිරුගේ උඩගුකම නිතර දා බිදු හෙලන
උගුර කට වියලිලා පිපාසය ඔඩු දුවන
අනේ මක් කරන්නද කරුමයකි අප ගෙවන

ගේ හරියෙ අල බතල ටිකෙන් ටික හිස් වෙනවා
පුංචි උන් මලානික මුහුණකින් පසුවෙනවා
දිනෙන් දින කඩ පොතේ ණය ගාන වැඩිවෙනවා
අලූත් වැස්සක් වැස්සොතින් දුක් කදුලූ නිම වෙනවා



ජීවිතේ හරියට design කරගන්න

ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න

Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -

Comments