ගමේ අත්තම්මා
ගමේ අත්තම්මා
හැත්තැ පස් විය වුණත්
සිත තරුණ බව පිරුණු
දත් නොමැති මුත් මුවග
පුරාවම හිනැහෙමින්
සෙනෙහසින් පුතේ යැයි
කා හටත් අමතමින්
පරසිද්ධ විය ගමෙහි ආත්‍තම්මා නමින්
මළගෙයක් බණගෙයක් මගුලක් වූ සැනින්
පංසලේ පිංකමක් පවත්වන්නට කලින්
ප්‍රධානයි බවලතෙක් ලෙස කොතැන මුත් අගෙන්
ගරු කරයි එක ලෙසට සැවොම හිස නමමින්
හවස් යාමයේ පුංචි උන්ව වට කරගෙන
රස කතා කියාදෙයි කරුණාව බරිතව
රසකැවිලි අත්ගුණය පිහිටලා නිසි ලෙස
ආදරෙයි අත්තම්මේ හැමදාම ඔබහට
ජීවිතේ හරියට design කරගන්න
©️ #DotGraphic @ Madhu Jayathilaka
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments
Post a Comment