දයාබර අම්මා........

දයාබර අම්මා........




කුසට ආ දා සිට හිත පිරුණු සෙනෙහසින්
කෑවේ නැත අගුණ දේවල්  කන්න ආසා වුණත්
ලොව දරුණු වේදනා දරාගෙන සම සිතින්
බිහි කළේ අප සැවොම ගත රුහිරු කිරි කරන්

අපේ කැත කුණු නිතර අත ගා ඇගේ අතින්
ලෙඩක් වූ විට සැනින් හිත කලබල කරන්
අඩන විට මහ ?ට නැලෙව්වේ නිදිවරන්
අම්මේ නුඹේ සෙනෙහස මට මහමෙර තරම්

සෑම දිනකම උදේ හිරුට පෙර පිබිදෙමින්
දහසකුත් වැඩ කරයි මහන්සිය නොබලමින්
අපි ඉහළ යන විට දි ඇය තුටු කදුලූ හෙලන්
සතුටු වෙන කෙනෙක් නැත ලොවේ අම්මා තරම්

අම්මේ ඔබට මම ආදරෙයි මහ ගොඩක්
දිනක් කුමකට ද නුඹට හැම දාම නුඹ උතුම්
නිදුක් නිරෝගීව මගේ ආයුෂත් අරන්
ජීවත් වේවා නුඹ ලොවේ තව දිගු කලක්
 


ජීවිතේ හරියට design කරගන්න
©️ #DotGraphic @ Madhu Jayathilaka
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments