මව් දිනයට පසුවදනක්

මව් දිනයට පසුවදනක්





 මුහුණු පොතේ පෝස්ටුවෙන් හරි හරියට  එක    පෙළට
මව්වරුන්ගේ දිනය කියා සුබ පැතුමන් ඇත        එමට
මිලක් නොමැති මව් සෙනෙහෙත් ලඝු කර එක       දිනකට
බොහෝ දනන් රඟ දෙන්නේ පෙනෙන්නටය    ලෝකෙට

දසමස් කුසහොවා ලේ කිරි කළ                  ඇයට
දිව ? නොබලමින් අප රැුකගත්                 පෙමට
රස බත අපට දී දංකුඩ සූරා කන                 මවට
එක දවසක් කුමට ඇගෙ ගුණ ගී           ගයන්නට

තුන්තිස් පැයෙහි නිවනක් නැති ඇගේ             ගතට
නින්දක් නොමැත  අප දකිනා තුරු               නෙතට
වැටෙනා හැම හුස්මෙහි හිමිකම ඇති              ඇයට
කුමට එක් දිනක් පමණක්   අම්මාවරුන්          හට

හංසනී දිල්හාරා


 
ජීවිතේ හරියට design කරගන්න
©️ #DotGraphic @ サンダルワン Kavi Hansani Dilhara
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments