මාලූ වෙළෙන්දිය
මාලූ වෙළෙන්දිය
ලස්සනම ලස්සන චිත‍්‍රයක්
පාට කූරුවලින් ඔප දමා
ළමුන් දෙස බැලූවෙ මං
උන් මට වඩා ලස්සනට
ඇද ඇතිද කුතුහලෙන්..
එකෙක් ඇද ඇත තල්මහෙක්
අනිකා දිය ඇල්ලක්
මං මාලූ වෙළෙන්දියක්
මාලූ කූරියෝ පස් හයදෙනෙක්
සමග තනිවූ ගැහැණියක්
කුණු කොල්ලයට හෙට්ටු කරනා
වටේ ඉන්නා ගැහැණු පිරිමින්
ඉහ වටේ කැරකෙනා
කපුටු රංචුව වේගයෙන්
කාක් හඩ නගමින් ඉගිල්ලෙනවා ඇතිද තාමත්..
”සිරිමල් ඔය චිත‍්‍රය ගේන්න”
මිදුනේ මම දැහැනින්
කිටි කිටියේ ගැගෙමින්
ගුරුතුමී අතට සිතුවම
දුන්නේ වෙව්ලන දෑතින්..
”ෂා හරිම ලස්සන චිත‍්‍රයක්”
”මිස් මගේ අම්මා මේ”
කියන විට මම හිමින්
පංතියම සිනා නැංවිය
නිහඩ බව බිදිමින්
සිහිනෙන් වත් ඇවිත්
මගෙ අම්මේ එක්වරක්
පුතේ කියලා තුරුල් කරගෙන
සනසන්න නුඹෙ සෙනෙහසින්...
©️ #DotGraphic @ Madhu Jayathilaka
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/
ඔබේ අදහස් පහලින් comment කරන්න.... තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/



Comments
Post a Comment