මේ දේශානුරාගය අවැසිම කාලයයි .....

මේ දේශානුරාගය අවැසිම කාලයයි .....






”මේ රට මගේ රට - මා ඉපදුණු රට
හැදෙන වැඩෙන රට - මගේම මව් රට ”

ලෝකයේ ජීවත්වන සැමට මව් රටක් නැතිනම් මාතෘ භූමියක් හිමි ය. ඔබ මා සේම අප සියල්ලන්ම ලෝකයේ සුන්දරම මාතෘ භූමියකට උරුමකම් කියන්නා වු අභිමානවත් පිරිසකි. ලෝකය ඉදිරියට යන ගමන් මග තුළ හමුවන බාධක එමට ය. එය රජ කාලයේ පටන් මේ ගෙවෙන තත්පරය දක්වාම පසක් වී හමාර ය. යුග ගණනාවක විදේශ ආකරමණ ජයගත් අභිමානවත් රාජ්යයක් ලෙස අප රට නිරන්තරයෙන් ලෝකය හමුවේ පිළිගැනිමට පාතර විය. එදා තුන් හෙලය රැුකගත් රාජ්යත්වයක් අපට හිමි විය. වරින්වර එල්ල වූ සතුරු ආකරමණ හමුවේ මෙන්ම වසර ගණනාවක් මෙරට ආධිපත්යයට නතුකර ගත් පෘතුගීසි , ලන්දේසී සහ පරබල බිරතාන්යයන්ට එරෙහිව සටන් වැද මාතෘ භූමිය ආරක්ෂා කරගත් උදාරවත් රාජ්යයක් ලෙස අභිමානයෙන් ජීවත් වන්නට අපට හැකි ය. තිස් වසරක කුරිරු යුද්ධය ජය ගැනීම තුළින් ශරී ලාංකීය අභිමානය වඩ වඩාත් ඉහළ නංවා ගන්නට හැකි විය. එසේ නම් අද අප හමුවේ ඇති පරබල වසංගත උවදුර ජය ගන්නට අපට නොහැකි වන්නේ නැත. අවැසි වන්නේ දේශානුරාගය පමණකි. 

අතීතයේ පටන් අද දක්වා අප රට ආරක්ෂා වූයේ රටට ආදරය කරන ලක් වැසියන් නිසා ය. තම දිවි දෙවැනි කොට මාතෘ භූමිය වෙනුවෙන් සටන් වැදි නිසා ය. බිරතාන්යය බලවේගයන් පරදවන්නට තම දිවි පූජා කළ වීරයන් එමට ය. වසර තිහක කුරිරු යුද්ධය මානුෂීය මෙහෙයුමකින් අවසන් වූයේ රටට ණය නැති තිරවිධ හමුදා වීරයන්ගේ අපරතිහත කැප කිරීම් මතය. එකී සෑම අවස්තාවකදීම අප මාතෘ භූමිය සෑම අභියෝගයකින්ම ජය ලබන්නට හේතු වූ පරධාන සාධකය නම් දේශානුරාගයයි. එකාවන්ව අප රට වෙනුවෙන් දුන් ආදරයයි. අද ද වත්මන් අභියෝගය ජය ගන්නට අවශ්ය වන එකම ඖෂධය දේශානුරාගයයි. අද සමාජ මාධ්යය තුළ දක්නට ලැබෙන කනගාටුවට කරුණක් වනුයේ අද අප මුහුණ දෙන වසංගතය අභියෝගය පරහසනයක් කර ගැනිම ය. විශේෂයෙන්ම මුහුණු පොත තුළ විවිධ ආකාරයේ පරහසන වදන් සහ ඡුායාරූප සහිත දෑ ඉදිරිපත් කරමින් මෙය විහිළුවක් බවට පත් කර ඇත. නමුදු එය රටට ඇති ආදරය කෙසේ වෙතත් රට තව තවත් ව්යසනයට ඇද දමන්නට හේතු පරකාර වේ. මෙවැනි මොහොතක අප සමාජ මාධ්යය යොදා ගත යුත්තේ හුදෙක්ම ජනතාව අතර නිවැරදි තොරතුරු හුවමාරු කරන්නට නොවේ ද..?

අද අප මුහුණ දෙන කොරෝනා අභියෝගය කිසිවකුට අනතුරක් නොවන අයුරින් ජය ගන්නට තරිවිධ හමුදා වීරයන් , මිහිපිට දෙවිවරුවන් වන වෛද්යවරුන්, හෙදියන් සේම රෝහල් කාර්ය මණ්ඩලයන් ද දිවා රාතරි නොනිදා වෙහෙසෙන බව අප සියල්ලන්ම දන්නා කරුණකි. එසේ ඔවුන් ඇප කැප වෙමින් කටයුතු කරනු ලබන්නනේ සිය මාතෘ භූමිය වෙනුවෙනි. රටට ඇති සිය ගෞරවය හා ආදරය වෙනුවෙනි.
එසේ නම් ලාංකිකයන් ලෙස අප ද අපගේ වගකීම සහ යුතුකම ඉටුකළ යුතු නොවේ ද..?විදේශගතව සිට පැමිණි ඇතැම් ලාංකිකයන් නිරෝධායනය වීමේ සිය යුතුකම පැහැර හරිමින් හොර රහසේ පැන යාම සහ සැ`ගවී සිටීම ආදී පුවත් අපට නිරන්තරයෙන්ම අසන්නට දකින්නට ලැබිණි. සිය මාතෘ භූමියට ආදරය කරන්නේ නම් කිසිවකු එලෙසින් හැසිරෙන්නේ නැත.ලෝකයාට පෙනේනට තමන් ශරී ලාංකික බවට මුහුණු පොත තුළින් පමණක් වීරයන් වීම දේශානුරාගය නොවේ.එසේ නම් අද අවැසිම වන්නේ රටට ආදරය කරන ලාංකික පිරිසකි.

මව්බිම ආරක්ෂා කිරීම වෙනුවෙන් අද පනවා ඇති නීතිමය උදේශයන් ද ඇතැම් පිරිස් නිසි පිරිදි පිළිපදින්නේ නැත. ඇතැම් පිරිස් නීතියට අභියෝග කරන්නට ද පෙළඹීම අවාසනාවට කරුණකි. අද ඇති තත්ත්වය මත සිය දෛනික ජීවිතය යම් ආකාරයකින් නතර වී ඇති බව සැබෑ ය. නමුදු අපට රටක් අවැසි ය. රටෙහි ජනතාව ආරක්ෂා කිරීම අවැසි ය.ඒ වෙනුවෙන් අනුගත වියයුතු නීති පද්ධතීන්ට අනුගතව කටයුතු කිරීම අතවශ්ය ය.එමෙන්ම අනෙක් අතට දේශපාලන කරුණු හෝ පක්ෂ භේදයන් මත විරසක වීම් හෝ දෙපිළකට බෙදී කටයුතු කිරීම වෙනුවට මුළු මහත් ලෝකයක් මුහුණ දෙන මෙකී වසංගතය රටක් ලෙස එකට එකතු වී ජය ගන්නට අප කටයුතු කළ යුතු ය. කෙසේ වෙතත් අප අභිමානවත් රටක් ලෙස එකී උදාරත්වය තව දුරටක් ආරක්ෂා කර ගන්නට කටයුතු කළ යුතුමය. ජාති භේද හෝ පාට පක්ෂ භේද හෝ නොසලකා අප සියලූ දෙනාම එකම ලාංකිකයන් පිරිසක් ලෙස මාරාන්තික කොවීඞ් 19 වසංගතය මෙරටින් තුරන් කිරීමට කටයුතු කරමු. පොදු නීතියට පොදු අවශ්යතාවයන්ට අනුකූලව කටයුතු කරමු.

මෙය එක් අභියෝගයක් පමණි. අතීතයේ සිදුවූවා සේම වර්තමානයේ මුහුණ දෙමින් සිටින සේම අනාගතයේ දී මීට වඩා අභියෝගයන්ට අපට මුහුණ දෙන්නට සිදුවිය හැකි ය. එසේ නම් රට වෙනුවෙන් එකී සෑම මොහොතකදී ම එක්ව කටයුතු කිරීම අතවශ්යය ය. 

”රත්නදීප ජන්ම භූමි - ලංකාදීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි... මාතෘ භූමියයි... ” සැබවින්ම මේ අප සියල්ලන්ගේම උදාර වූ මාතෘ භූමිය නොවේ ද..? සෑම අභියෝගයක්ම ජය ගෙන ඉදිරියට යන්නට එකාවන්ව කටයුතු කරමු.. එසේ නම් සිතන්න...
... මේ දේශානුරාගය අවැසිම කාලයයි ...

හංසනි දිල්හාරා

©️ #DotGraphic @ サンダルワン Kavi
Like කරන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න
තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක - https://dotgraphiclifeuok.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments