ඊර්ෂ්‍යා මානසිකත්වයෙන් මිදෙමු

ඊර්ෂ්යා මානසිකත්වයෙන් මිදෙමු




අනුන් යම් දියුණුවක් අත්පත් කර ගැනීමේදී ඒ දෙස බලාසිටීමට නොහැකි වූ කළ මිනිසාගේ සිත තුළ ඊර්ෂ්යාව හට ගනියි. මෙය බොහෝ දෙනෙකු තුළ ඇති පහත් මානසිකත්වයකි. කෙනෙකු අලූත් නිවසක්, වාහනයක් ගෙන ඇති නම් ඒ දෙස බලමින් කුහකකම් කිරීම බොහෝ දෙනාගේ සිරිතකි. විභාගයක් සමත් වූ විට අසමත් වූවන් තුළ ඊර්ෂ්යාව හට ගනියි. මෙම ඊර්ෂ්යාව හට ගන්නා පුද්ගලයා ඇතුළතින් මෙන්ම පිටතින්ද සෑම මොහොතක් පාසා දැවි දැවී ජීවත් වෙයි. ඇතැමුන් එතෙකින් නොනැවතී අනෙකාට ද්වේශ සහගත ලෙස බැණ වැදීමට පටන් ගනියි. වර්තමානයේදී ඒ සදහා යොදා ගන්නේ සමාජ මාධ්යයන් ය. විවිධ වදන් පළ කරමින් දියුණුවට පත් තැනැත්තා තුළ ව්යාකූල මනසක් සැකසීමට මිනිසුන් වෙහෙසෙයි. ඇතැමුන්ට තම ද්වේශය පිට කිරීමට අවස්ථාවක් නොමැති වූ කළ මුහුණ බලා කතා නොකරති. අවසානයේදී අනුන්ට ඊර්ෂ්යා කරමින් කල් ගත කළ උන් තමන්ගේ ජීවිතයට කර ගත් දෙයක් නොමැත. අනුන් ගැන සිතමින් ද්වේශ කරන තැනැත්තාගේ මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය ද පිරිහීමට පත් වේ. බුදුරජාණන් වහන්සේට ඊර්ෂ්යා කරමින්, ද්වේශ සහගත කරියාවල යෙදෙමින් කටයුතු කළ දෙව්දත් තෙරුන්හට රහත් වීමට තරම්වත් පිනක් නොමැති වූ බව බුදු බණෙහි සදහන් වේ.
ඇතැමුන් තමන් දුප්පත් වී ඉපදීම හේතුවෙන් පොහොසත් මිනිස්සුන්ට ඊර්ෂ්යා කරමින් ජීවත් වෙයි. නමුත් අනුන්ට වින කටිමින් පහත් මානසිකත්වයෙන් මිදී තමනුත් ස්වෝත්සාහයෙන් පියවරක් හෝ දියුණුවට පත් වීමට උත්සාහ කළ යුතුය. අනුන්ගේ දියුණුවට වල කපන තැනැත්තාගේ ජීවිතය තමන් නොදැනුවත්වම පිරිහීමට පත් වේ.
අනුන්ගේ දියුණුව දැක හදවතින්ම සතුටුවන පිරිස් අද සමාජයේ සිටින්නේ ඉතා අල්ප වශයෙනි. ඔවුහු වචනයකින් හෝ දියුණුවන තැනැත්තාට පරශංසා කරති. දිරිමත් කරති. මෙලෙස අනුන්ට ඊර්ෂ්යා කරන චේතනාවෙන් මිදී තමනුත් හැකි ආකාරයට දියුණුවට පත් වීමට උත්සාහ කිරීම සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගැනීමට ඉවහල් වේ.
මධූ ජයතිලක

©️ #DotGraphic @ Madhu Jayarathna
Like කරන්න
ඔබේ අදහස් පහලින් comment කරන්න
තවත් කෙනෙකුට කියවන්න දැනගන්න share කරන්න
Dot Graphic Life
ජීවිතේ හරියට design කරගන්න
Follow කරන්න blog එක -
https://dotgraphiclifelk.blogspot.com/
Like කරන්න අපේ Facebook page එක -
https://www.facebook.com/dotgraphiclife/

Comments